
වැඩියෙන්ම වැදගත් ගත නිරෝගීව තිබීමද, සිත නිරෝගීව තිබීමද?
පිලිතුර???
දෙකම...
ඔව්.. ඔබ නිවැරදියි.. ගත සිත දෙකම නිරෝගී නම් පමණයි අධ්‍යාපනය අතින් ගත්තත්, රැකියාව අතින් ගත්තත්, පවුල් ජීවිතය අතින් ගත්තත්, ආර්ථික අතින් ගත්තත් සාර්ථක ජීවිතයක් ගත කල හැක්කේ...
නමුත්, හදිසියේ යම් හේතුවක් නිසා ගත ලෙඩ උනොත්? ඔබ ඉක්මනින්ම ප්‍ර්තිකාර සදහා යොමු වෙනවා. සිත ලෙඩ උනොත්?
මෙහෙම හිතමු...
දරුවන්ගේ ප්‍ර්ශ්න, රැකියාවේ ගැටලු ආදී දහසක් දේ මැද මානසික අවපීඩනයක සිටින
ඔබට හදිසියේම නිරන්තරයෙන් තදබල බඩේ කැක්කුමක් එනවා.. වෙයිද්‍යවරයෙකු ලගට යෑමෙන් පසු, අදාල පරීක්ශන වලින් අනතුරුව, ඔබගේ බඩවැල්වල සංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකිරීමට සිදුවෙන බව නිගමනය වෙනවා...
ඔබ මොකද කරන්නේ?
කලක් තිස්සේ පැවති මානසික අවපීඩනයට ප්‍ර්තිකාර ගැනීම ගැන ලොකු අවදානයක් යොමු නොකලත්, කායික රෝගය සදහා ප්‍ර්තිකාර වෙත වහ වහා යොමු වෙනවා නේද?
ඔබ මොකද හිතන්නේ... ශල්‍යකර්මය සාර්ථක වෙයිද?
කායිකව ඔබට වෙනත් ලෙඩ රෝග මුකුත් නැහැ.. මෙවන් පසුබිමක, සුදුසු පහසුකම් ඇති රෝහලක ශල්‍යාගාරයක, දක්ශ වෙයිද්‍යවරුන් විසින් අතිශය සූක්ශමව කරන ශල්‍යකර්මය බොහෝදුරට සාර්ථක වෙනවා..
හැබැයි, ඔබ ශල්‍යකර්මයෙන් පසු, නැවත යථා තත්වයට පත්වීමේ ක්‍රියාවලිය අතිශය මන්දගාමී වෙනවා...
ඇයි ඒ?
ගත යම්කිසි පීඩාවකින් යථා තත්වයට පත්වීමේ ක්‍රියාවලියට, සිත මගින් සෘජු හා වක්‍ර බලපෑම් ඇති කරනවා.
ඉතින්, ඔබ විසින් නොසලකා හැරි ඔබගේ දුර්වල මානසික සෞඛ්‍යය, ඔබගේ කායික සෞඛ්‍යට මේ අවස්ථාවේදී තදබල පහරක් එල්ල කරනවා..
කායික අසනීපය සදහා ප්‍ර්තිකාර ගැනීමට යොමුවීමට තිබූ වුවමනාව, මානසික සෞඛ්‍ය තත්වය නිරෝගීව පවත්වා ගැනීම සදහාත් තිබුනා නම්, මේ තත්වය මෙසේ නොවෙන්නට ඉඩ තිබුනා නේද?
මේක නිකම්ම නිකම් උදාහරණයක් නෙමෙයි. රජයේ රෝහලක, ශල්‍ය වාට්ටුවකදී මා දුටු සත්‍ය සිදුවීමක්. එකම ශල්‍යකර්මය එකම ශල්‍යාගාරය තුල එකම දිනයක, එකම වෙයිද්‍යවරුන් කණ්ඩායම් විසින් සිදු කිරීමෙන් අනතුරුව, බොහෝදුරට සමාන වයස් හා අනෙකුත් පැතිවලින් සෞඛ්‍ය සම්පන්නව සිටි රෝගීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දින කීපයකින් ගෙදර යන්නත්, අනෙක් පුද්ගලයා සති ගණනක් වාට්ටුවේ ප්‍ර්තිකාර ලබන්නත් ඔහුගේ අයහපත් මානසික තත්වය ලොකු බලපෑමක් කලා.
අයහපත් මානසික සෞඛ්‍යයකින් යුතු කෙනෙකුගේ ප්‍රතිශක්තිය දුර්වල වීම, හෝමෝන මට්ටම්වල අසමතුලිතතා (ඉහල 'කෝටිසෝල්'/Cortisol මට්ටම්), නින්දට බාධා සිදුවීම, රසායනික ප්‍ර්තික්‍රියා වල වෙනස්කම් (Metabolic changes), ආහාර ජීර්ණ පද්ධතිය, හදවත හා රුධිර සංසරණ පද්ධතියා ආශ්‍ර්තව ඇතිවන වෙනස්කම් ආදිය, දීර්ඝකාලීනව ඔබේ ශරීර සෞඛ්‍යට තදබල බලපෑම් ඇති කරමින් කායිකවද ඔබව රෝගියෙකු කරනවා.. නිතර නිතර ලෙඩරෝග වලට පහසුවෙන් ගොදුරු වන්නෙක් බවට පත් කරනවා.
ගත තරමටම, සිතත් වැදගත්..
සිත නිරෝගී නැත්නම්, ගතත් රෝගී වන දිනය වැඩි ඈතක නොවේ..
ඒ නිසා සිත ලෙඩ වී ඇති බව ඔබට දැනෙනවා නම්, ගතත් ඒ බලපෑමෙන් ලෙඩ වෙන්නට පෙරාතුව, සිත නිරෝගී කරගන්නට අවැසි පියවර ගන්න.
මානසික රෝග වාට්ටුවකදී, දිනක් රෝගී තරුනියක් විසින් මට පැවසූ දෙයක් ඇගේම වචන වලින් සටහන් කරමින් මෙම ලිපිය අවසන් කරනවා.
"ඩොක්ටර්, ඇගේ ලෙඩක් තියෙද්දි හයිය හිතකට දරාගන්න පුලුවන්. අතක් පයක් කැඩිලා එක්තැන් උනත් හිත හයිය නම් දරාගන්න පුලුවන්. ඒත් ඩොක්ටර්, හිත ලෙඩ උනාම දරාගන්න බෑ ඩොක්ටර්...කිසිම දෙයක් මොන විදියකින්වත් දරාගන්න බෑ."
( සිත ලෙඩ වෙලාද? කොහොමද හදුනා ගන්නේ? මීලග ලිපියෙන් දැන ගනිමු.)
360/2/A/2,
Suwa mawatha,
Walgama,
Athurugiriya.